ශ්‍රී ලංකාවට ග්‍රැනයිට් ආනයනය කිරීම රජය විසින් තහනම් කර තිබියදීත් ඒ සඳහා සමාගම් කිහිපයකට වෙනම අවසර ලබාදී ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි. 

එම සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ. 

තාවකාලිකව ආනයනය තහනම් කල ග්‍රනයිට් ලංකාවට ආනයනය කිරීමට සමාගම් පහකට අවසර දුන්නේ කවුද? වහාම පරීක්ෂණයක් කරන්න.

රට තුළ ඇති වී තිබෙන ආර්ථික තත්වය සැළකිල්ලට ගෙන ලංකාවට විවිධ භාණ්ඩ ආනයනය කිරීමේ සීමා පැනවීමට රජය පියවර  ගත්තේ මීට මාස කිහිපයකට පෙරය.(2020/07/17) ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන විවිධ වර්ගයේ භාණ්ඩ ආනයනය සීමා කරමින් නව නීති සැකසීමට රජය කටයුතු කළේය. එම නීතිවලට අනුව ලංකාවට ග්‍රනයිට් ආනයනය කිරීම තාවකාලිකය තහනම්ය.

මීට පෙර ලංකාවට ග්‍රනයිට් ආනයනය කල ආකාර කිහිපයක් ඇත. සම්පූර්ණයෙන් නිමවන ලද ග්‍රනයිට් පොලිෂ් නොකරන ලද ග්‍රනයිට් සහ කලු ගල් කුට්ටි වශයෙන් ආනයනය කර පසුව මෙහිදී ග්‍රනයිට් සාදා ගැනීම එම ආකාර කිහිපයකින් තුනකි. එසේ ආනයනය කරන විට ගෙවීමට සිදුවන බදු මුදලේද වෙනස්කම් ඇත.

පොලිෂ් නොකරන ලද ග්‍රනයිට් (HS code 25161100)ආනයනය කරන විට බදු ගෙවිය යුත්තේ CID 15%, Pal 10%,Vat 8% වශයෙන් හා HS code 25162000 ආනයනය කරන විට CID 15%, Vat 8% වශයෙනි සම්පූර්ණ කරන ලද ග්‍රනයිට් ආනයනය ආනයනය කිරීමේදී HS code 68029300 හා HS code 68029990 Cid 30%,Elc20%, Pal 10%, Vat 8% වශයෙනි.සම්පූර්ණ කරන ලද ග්‍රනයිට් ආනයනය කිරීමේදී වැඩි බදු මුදලක් ගෙවීමට සිදුවන නිසා සමහර සමාගම් HS code 25161100 යටතේ පොලිෂ් නොකරන ලද ග්‍රනයිට් ආනයනය කරනු ලබයි. එසේ ආනයනය කිරීම නිසා විශාල බදු මුදලක් රටට අහිමිවනවා  පමණක් නොව දේශිය කර්මාන්ත බිද වැටීමක් ද සිදුවනු ලබයි.

කෙසේ වෙතත් පසුගිය දා රජය තීරණය කළේ දේශිය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීම සදහා ග්‍රනයිට් ආනයනය තාවකාලිකව නවතා දැමීමටය. තත්වය මෙසේ තිබියදී සමාගම් පහක් සදහා ග්‍රනයිට් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බව අප සංවිධානයට දැන ගැනීමට ලැබී ඇත. වැඩි දුරටත් සොයා බැලීමේදී අනාවරණය වූයේ මේ වන විට සමාගම් කිහිපයක් ග්‍රනයිට්මෙරටට ආනයනය කර ඇති බවය. මෙම සමාගම් පහ අතර මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්දගේ බෑනා වන අර්ජුණ ඇලෝසියස් ගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස්ට අයත් සමාගමක් ද ඇති බව අපට දැන ගැනීමට ලැබී ඇත.. එම සමාගම අවසර ලබා ගත්තද තවම මෙරටට ග්‍රනයිට් ආනයනය කර නැත.

රජය විසින් ගන්නා තීරණ අභිබවායමින් කුමන හෝ පාර්ශවයක් කටයුතු කරන බව අපට මෙහිදී පෙනීගිය කාරණයකි. ඒ අනුව මේ පිළිබදව සොයා බලන ලෙස අප සංවිධානය ගරු  ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.මේ වන විට යතුරු පැදි ටයර් සහ ටියුබ් ඇතුලු අත්‍යාව්‍යශ භාණ්ඩ කිහිපයක හිගයක් ඇතත් ඒවා ආනයනය නොකර සුභෝපභෝගී භාණ්ඩයක් වන ග්‍රනයිට් ආනයනය කිරීමට අවසර දුන්නේ කවුද? යන්න වහාම හෙළිකර ගත යුතුව ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here