දුම්රියට කෝටි 20 ක පාඩුවක්

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් මුළු දිවයිනටම සංචරණ සීමා පනවා දින දහයක් සපිරෙන පෙරේදා (30 වැනිදා) දිනට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි විස්සක් යැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන අධිකාරී) ගාමිණි සෙනෙවිරත්න පවසයි.

මගී ප්‍රවාහනයෙන් පමණක් දුම්රිය දෙපාර්තුමේන්තුවට දෛනිකව ලැබෙන ආදායම රුපියල් කෝටි දෙකක් යැයි ද හෙතෙම කීය.

පසුගිය මැයි 21 වැනිදා මුළු දිවයිනටම සංචරණ සිමා පැනවීමට පෙර පළාත් අතර සංචරණ සිමා පැනවීම හේතුවෙන් දුම්රිය තුන්සිය හැටපහක් අතරින් දුම්රිය අනූ හතක් පමණක් ධාවනය කළ බවත් මේ වනවිට භාණ්ඩ හා ඉන්ධන ප්‍රවාහන දුම්රිය හැර කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, ඉන්ධන ප්‍රවාහනය ඇතුළු සෑම ක්ෂේත්‍රයකින්ම දුම්රිය දෙපාර්තුමේන්තුවට ලැබෙන වාර්ෂික ආදායම රුපියල් කෝටි එක්දහස් හයසියයක් යැයිද හෙතෙම කීවේය.

 258 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply