හිටපු ඇමැති දයාගේ කොන්ත්‍රාත් සමාගම අධිවේගයෙන් ඉවතට

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන රජයේ හිටපු ඇමැතිවරයෙක් වූ දයාගමගේට අයත් ඉදිකිරීම් සමාගමක කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝමීටර් 40.91ක දුරකින් යුත් කොටස පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබිණි. වත්මන් රජය බලයට පත්ව මැයි මස 31 වැනි දින වන විට ඉදිකිරීම් අවසන් කරන ලෙස දැනුම් දුන්නද ඉදිකිරීම් අවසන් නොකිරීම නිසා කොන්ත්‍රාත්තුව අවලංගු කළ බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

මෙම කොන්ත්‍රාත්තුවේ සම්පූර්ණ මුදල රුපියල් බිලියන 34ක් වන අතර කොන්ත්‍රාත්තුව හිතාමතා ප්‍රමාද කළ බවට නිරීක්ෂණය වූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සමාගමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමටද මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම කොටසේ ඉදිකිරීම් අනෙකුත් කොටස් හා සැසදීමේදී 83%ක් පමණක් සිදුව ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අමාත්‍යාංශය අවස්ථා තුනකදී කොන්ත්‍රාත් සමාගම දැනුවත් කර තිබේ.

ඒ අනුව එම කොටසේ ඉදිකිරීම් වෙනත් සමාගම් දෙකකට පවරා ඇත. දැනට කඩවත මීරිගම හා පොතුහැර ගලගෙදර යන කොටස් ඉදිකරන සමාගම්වලට මෙම ඉදිකිරීම් භාරදී තිබේ.

 443 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply