සුරාසල් වසා තබන සෑම දින 3කටම රජයට කෝටි 100ක පාඩුවක්!

සුරාබදු බලපත‍්‍ර ස්ථාන වසා තබන සෑම දින තුනකදීම රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

රජයට ආදායම් ලබාදෙන ආයතන අතර දේශීය ආදායම් සහ රේගුවට පසුව සුරාබදු දෙපාර්තමේන්තුව සිටින අතර ගිය වසරේ සහ මේ වසරේ වැඩි දින ගණනාවක් සුරාබදු බලපත‍්‍ර ස්ථාන වසා දැමීමට සිදුවීම නිසා රජයට සැලකිය යුතු ආදායමක් අහිමිවී ඇත.

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ දිවයින පුරා පිහිටි සියලූම බලපත‍්‍ර ස්ථාන මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන අතර එම ස්ථාන සංචරණ සීමා දිනයන් ඉවත් කරනතුරු විවෘත කිරීමට නොහැකි වේ.

 501 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply