එංගලන්ත සංචාරයට මූලික සංචිතය නම් කෙරේ – 20/20 නායකත්වයත් කුසල් ජනිත්ට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා 28 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් මේ වන විට නම් කර තිබේ.

එම සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද නම් කර තිබුණි.

නමුත් පෞද්ගලික හේතුවක් මත එංගලන්ත සංචාරයට තමා එක් නොවන බව මැතිව්ස් දන්වා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ සංචාරවලට එක් නොවූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචාරයට කැඳවා ඇති බව සඳහන් වේ.

බංග්ලාදේශය සමග පැවති එක්දින තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින් 18 දෙනාට අමතරව එංගලන්ත සංචාරයේ මූලික සංචිතය සඳහා පහත සඳහන් ක්‍රීඩකයින් ව එම සංචිතයට නම්කර තිබේ.

අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ඕෂධ ප්‍රනාන්දු
චරිත් අසලංක
කමිල් මිෂාර
ධනංජය ලක්ෂාන්
ප්‍රවීන් ජයවික්‍රම
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
ඉෂාන් ජයරත්න

මෙම මූලික සංචිතයේ ක්‍රීඩකයින් 28 අතරින් ක්‍රීඩකයින් 24 දෙනෙක් ජූනි මස 8 වැනිදා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර එංගලන්තය සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙහෙයෙවීමේ වගකීම ශ්‍රී ලංකා එක්දින නායක කුසල් ජනිත් පෙරේරාටම ලබාදීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත 20යි 20 තරගාවලිය ජුනි 23 වෙනිදා ආරම්භ වන අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජුනි මස 29වෙනිදා ආරම්භවීමට නියමිතය.

 1,404 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply