කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් පත්කෙරේ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත්කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා එහි සභාපතීත්වය දරණ බවය.

කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, 

*මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා

*ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා

*ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා

*ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා

*මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ 
ජෙරාඩ් ඔන්ඩච්චි මහතා 

*මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා

 862 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply