ධීවරයෝ පිරිසක් තියුණු ආයුධවලින් කපාකොටා ගනිති – 4ක් රෝහලට 5ක් අත්අඩංගුවට!

මුලතිව් ඉරණපලෙයි මුහුදු සීමාවේදී ධීවරයින් දේපරිසක් අතර අද (31) තියුණු ආයුධ වලින් පහරදීගැනීමක් හේතුවෙන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවටද මුලතිව් පොලීසිය පවසයි.

ධීවරයින් විසින් ඉස්සන් ඇල්ලීමට සාදන ලද ඉස්සන්කොටුවලින් ඉස්සන් සොරකම් කිරීම හේතුවෙන් ඉරණපලෙයි හා මාතලන් ප්‍රදේශයේ ධීවරයින් දෙපිරිසක් අතර මුලින් බහින්බස්වීඹක් සිදුව ඇති අතර පසුව එය පහරදීගැනීමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව දෙපාර්සවය විසින්ම තියුණු ආයුධ වලින් පහරදීගෙන ඇත.

එහිදී තුවාල ලැබූ ධීවරයින් සිව් දෙනෙකු මුලතිව් රෝහලට ඇතුලත් කොට ඇති අතර අදාල පහරදීගැනීම හේතුවෙන් ධීවරයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 495 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply