මහා සංඝරත්නය සඳහාම වෙන් වූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මහනුවර දී ස්ථාපිත වේ!

මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව, ශ්‍රී දළදා මාලිගාවේ මෙහෙයවීමෙන්, ඩෙවොන් සමූහ ව්‍යාපාරය, මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලය හා මහනුවර ජාතික රෝහල සමග අත්වැල් බැදගනිමින් හෙට(01) දින මහනුවර දී ස්ථාපිත කිරීමට සූදානම් කර ඇත.

ඒ අනුව කොවිඩ් අසාදනය වන ගරුතර ස්වාමීන් වහන්සේලා සඳහා අවශ්‍ය සියලුම පහසුකම් වලින් මෙම මධ්‍යස්ථානය සමන්විත වන අතර කොවිඩ් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ පුර්ණ සහයෝගයද ලැබෙනු ඇත. මහා සංඝරත්නය උදෙසා දැඩි සත්කාර අවශ්‍ය වුව ඒ සඳහාද මෙහි පහසුකම් සම්පාදනය කොට ඇති බවට වාර්තා වනවා.

 446 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply