නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවගේ ආත්මගරුත්වයට හානි කරන්න එපා ! – පොලිස්පතිතුමා පොලිස් නිලධාරීන්ට කියයි

වාහන සහ පුද්ගලයින් පරීක්‍ෂා කිරීමේදී හා නිරෝධායන නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් පරීක්‍ෂා කිරීමෙන් වළකින ලෙස පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතා විසින් පොලිස් නිලධාරීන් වෙත අවවාදාත්මක ලිපියක් නිකුත්කර ඇත.

මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට පොලිස් නිලධාරීන් ක‍්‍රියාකරන අවස්ථා පිළිබඳව මින් ඉදිරියට මාධ්‍ය මගින් ප‍්‍රචාරය වන අවස්ථා නිරීක්‍ෂණය වුවහොත් අදාළ නිලධාරීන්ට මෙන්ම දුර්වල අධීක්‍ෂණය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ටද එරෙහිව විනය පියවර ගන්නා බව එම ලිපිය මගින් දැනුම් දී තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සංචරණ සීමා පනවා ඇති අවස්ථාවලදී පොලිස් නිලධාරීන් විසින් මාර්ග බාධකවලදී වාහන සහ පුද්ගලයන් පරික්‍ෂාවට ලක්කිරීම සහ නිරෝධායන නීතිය ක‍්‍රියාත්මක කිරීම සිදුකරනු ලබයි.

එවැනි පරීක්‍ෂා කිරීම්වලදී සහ නිරෝධායන නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට පරිභව සිදුකිරීම් කරන දර්ශන මාධ්‍ය ඔස්සේ වරින් වර ප‍්‍රචාරය වන බව නිරීක්‍ෂණය වී ඇත.

මෙමගින් එලෙස පරිභවයට ලක්වන තැනැත්තාගේ ආත්මගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට ලක්වන අතර ම එවැනි ක‍්‍රියා මගින් පොලිසිය පිළිබඳවද ඇතිවන්නේ අගතිදායක තත්ත්වයකි. පොලිසියේ කීර්තිනාමයටද එය බලවත් හානියකි.

වාහන හා පුද්ගලයින් පරික්‍ෂා කිරීමද නිරෝධායන නීතිය ක‍්‍රියාත්මක කිරීම ද සිදුකළ යුතු නමුත් මහජනතාව වෙත එලෙස පරිභව කිරීම හෝ ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයට ක‍්‍රියා කිරීම වහාම නතර කළ යුතු බවද දන්වා සිටිමි.

මේ පිළිබඳව සෑම පොලිස් නිලධරයකුම දැනුවත් කළ යුතු අතර එවැනි පරිභව කිරීම් හා මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක‍්‍රියා කිරීම නොකළ යුතු බවට සෑම පොලිස් නිලධාරියකුගේම සාක්කු සටහන් පොත්වල සටහනක් එම නිලධාරියා මගින් යෙදවීමට ද ක‍්‍රියාකළ යුතුයි.

තම කොට්ඨාසය තුළ සියලූම නිලධාරීන්ගේ සාක්කු සටහන් පොත්වල සටහන් යෙදූ බවට සියලූම කොට්ඨාස භාර නිලධාරීන් විසින් තම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත දැනුම්දිය යුතු අතර පළාත්භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් තම පළාතේ සියලූම නිලධාරීන් මෙම උපදෙස් පිළිබඳව දැනුවත් වී ඇති බවත් ඔවුන්ගේ සාක්කු සටහන් පොත්වල මෙම උපදෙස් සටහන් කරගෙන ඇති බවටත් එමගින් මගින් තමාට දැන්විය යුතු බවටත් දන්වා සිටිමි.

වාහන හා පුද්ගලයින් පරීක්‍ෂා කිරීමේදී සහ නිරෝධායන නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී මෙලෙස මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයට ක‍්‍රියාකරන අවස්ථා පිළිබඳව මින් ඉදිරියට මාධ්‍ය මගින් ප‍්‍රචාරය වන අවස්ථාවන් නිරීක්‍ෂණය වුවහොත් අදාළ නිලධාරීන්ට එරෙහිව මෙන්ම දුර්වල අධීක්‍ෂණය සම්බන්ධයෙන් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට හෝ ස්ථානාධිපතිවරයාට එැරහිව විනය පියවර ගන්නා බවද වැඩිදුරටත් දන්වා සිටිමි

 579 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply