සංචරණ සීමා අස්සේ තම ගල් වළට යෑමට රක්ෂිතය කැපූ මැදවච්චිය පරාජිත අපේක්ෂකයාට වැඩ වරදී

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා තම වාසියකට පෙරලා රාජ්‍ය නිලධාරීන් නොමඟ යවමින් මැදවච්චිය ප‍්‍රාදේශීය සභා පරාජිත දේශපාලන අපේක්ෂකයකු තම පුද්ගලික ගල් වලක් සඳහා යාමට රජයේ රක්ෂිතය තම ආධාරකරුවන් යොදා එළි කරමින් සිටියදී සියලූදෙනා සමඟ යන්ත්‍රෝපකරණ අත් අඩංගුවට ගත් බව මැදවච්චිය අඩවි වන නිලධාරී කාර්යාලය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මන්නාරම් පාර, මැදවච්චිය පදිංචි තරුණයෙකි. මෙම ප‍්‍රාදේශීය සභා පරාජිත දේශපාලන අපේක්ෂකයා මීට පෙර මැදවච්චිය වල්පොළ රජයේ කැළයට යාබඳව පුද්ගලික ගල් වලකට අවසර පත‍්‍ර ලබා ගෙන ඇති බවත්, එය ලබා ගත් ආකාරය ගම්වාසීන් විමසූ විට රජයේ විවිධ නිලධාරීන්ගේ නම් ප‍්‍රකාශ කර ඇති බවත්, මැදවච්චිය දාඹූවැව, කුඩාගම ගම්වාසිහු පවසති. ඒ පිළිබඳ ගම්වාසීන් පෙරේදා (29* දින විරෝධයක්ද පලකර ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි සෙට්ටිකුලම පොලිස් විශේෂ කාර්ය බලකා වැටලීම් නිලධාරීන්, මැදවච්චිය අඩවි වන කාර්යාල නිලධාරීන් සහ මැදවච්චිය පොලිස් නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇත. එම අවස්ථාව වන විටද මෙම පුද්ගලයාගේ

ආධාරකරුවන් බැකෝ යන්ත‍්‍රයක් උපයෝගී කර ගනිමින් වසර 40 කට 50 කට ආසන්න වයසැති දැවැන්ත රූස්ස ගස් සහිත රජයේ රක්ෂිත කැළය, අඩි 18 කට ආසන්න ප‍්‍රමාණයක් මාර්ගයක් ලෙස භාවිතා කිරීමට එළිකරමින් සිට ඇත. ගම්වාසීහු වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම ගල් වලද මොහු දේශපාලන බලපෑම් රජයේ නිලධාරීන් හට එල්ල කරමින් අක‍්‍රමික ලෙස ලබා ගෙන ඇති බවයි. ඒ පිළිබද පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසද, එසේ නොකරන්නේ නම් ඉදිරියේදීද ගම්වාසීන් විරෝධතාවයක් පවත්වන බවද ගම්වාසීන් වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි. අත්අඩංගුවට ගෙන ඇති බැකෝ යන්ත‍්‍රය සහ පුද්ගලයින් ඉදිරියේදී මැදවච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැදවච්චිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

 631 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply