ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ටෙහානි ට ඔලිම්පික් වරම්!

ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකාව සමත්ව තිබේ.

2020 ටෝකියෝ ඔලිම්පික් උලෙළට සුදුසකම් ලැබු තුන්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ඇයයි.

ටෙහානි එගොඩවෙල ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත්තේ කාන්තා මීටර 10 ඉලක්කයට වෙඩි තැබීමේ රයිෆල් ඉසව්වෙනි.

ඇය  දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් හිමිකරගෙන තිබේ.

මීට පෙර අශ්ව රෝහක ඉසව්වෙන් මැතිල්ඩා කාර්ල්සන් සහ ජිම්නාස්ටික් ඉසව්වෙන් මිල්කා ගෙහානි ටෝකියෝ ඔලිම්පික් උලෙලට සුදුසුකම් ලබාගත්තේය.

 886 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply