වටිනාකම රුපියල් කෝටි 900 යි – සිගරැට් කෝටි 2ක් රේගුවට කොටු වුණේ මෙහෙමයි!

ජාත්‍යන්තර ජාවාරම්කරුවන් විසින් තම මඩිය තරකර ගැනීම පිණිස මෙරට වරායන් ඔවුන් ගේ ‘‘තිප්පොළක්” බවට පත් කර ගනු ලබන්නේ කලක පටන්ය. ඒ සඳහා උදාහරණ ද බොහෝය. එබැවින් කුමන පරීක්ෂා කිරීම් පැවැතිය ද වරින් වර මෙරට සිට වෙනත් රටවලට සිදුකරන හොර බඩු ප‍්‍රවාහනය තවමත් නතර වී නැත. ඒ සඳහා මෙරට ද හොර ඒජන්තවරු පිරිසක්ද සිටින අතර උන්ගේ සක‍්‍රීය මැදිහත්වීම මත මෙම මහා පරිමාණ ජාවාරම් සිදු වෙමින් ඇත. මෙරට වරායන් පසුකරමින් යන එන භාණ්ඩ ප‍්‍රවාහන නෞකා උපයෝගීකොට ගනිමින් ජයටම සිදු කළ එවැනි එක් ජාවාරමක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට මෙරට රේගු අංශ විසින් ඉකුත් දිනෙක සමත් විය. එහි පවතින තවත් විශේෂත්වයක් බවට පත්වන්නේ මෙතෙක් කලක් ශ‍්‍රී ලංකා රේගුව විසින් වටලන ලද විශාලතම දුම්වැටි තොගය එය බවට පත්වීමය.

ශ‍්‍රී ලංකා රේගුවේ අනුගත වීමේ සහ පහසුකම් සැලසීමේ අංශ නිලධාරීන් විසින් සිදුකළ එම පරීක්ෂා කිරීමේදී රුපියල් බිලියන නවයක් වටිනා කමකින් යුක්ත විදේශීයව නිෂ්පාදනය කරන ලද දුම්වැටි මිලියන විස්සක් අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් පිරිස විසින් සමත් වී ඇත. එම පරීක්ෂා කිරීම සිදු කරනු ලබන්නේ ඉකුත් 13 වැනිදා ය. අඩි 40ක පමණ දිගකින් යුත් බහාලූම් 20ක් සහ අඩි 20 ක පමණ දිගකින් යුත් එක් බහලූමක් ඇතුළු බහාලූම් 21ක ඉතාමත් සූක්ෂම අයුරින් අසුරා මෙරටට ගෙවා ඇති මම විදේශීය දුම්වැටි තොගය මෙරට සිට තවත් රටවල් කීපයක් වෙත ප‍්‍රති අපනයනය කිරීමට සැලසුම් සකස්කොට තිබියදී මෙම වැටලීම සිදුකොට ඇත.

අන්තරාල වෙළෙඳාම යටතේ ceylon black tea යනුවෙන් සටහන්කොට ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය යන රටවලට නැවත ප‍්‍රතිඅපනයනය කිරීම පිණිස ව්‍යාජ නැව්භාර පත‍්‍රයක් ද මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින් සකසා තිබූ අතර මේ සම්බන්ධයෙන් දැනට සිදුකළ පරීක්ෂණ කිරීම් ආදියෙන් තහවුරු වී ඇති තවත් කරුණක් බවට පත්ව ඇත්තේ මීට පෙර ද මෙරට සිට රටවල් කිහිපයක් ඉලක්කකර ගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවය. ව්‍යාජ ලියකියවිලි සකස්කොට බහාලූම් 12ක් එලෙස නැව්ගතකොට තිබෙන අතර ප‍්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය යන රටවලට එලෙස නැව්ගතකොට ඇත. එම තොරතුරු හෙළිදරව්කර ගැනීමත් සමඟ මෙරට රේගුව විසින් එම රටවල ආනයනකරුවන්ගෙන් කරන ලද විමසීමකදී ඔවුන් සඳහන්කර ඇත්තේ එවැනි දෙයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවූ බවක්ය. ඒ අනුව මෙම මහා පරිමාණ ජාවාරමේ සුලමුල හෙළි කර ගැනීම පිණිස මෙරට රේගු අංශ විසින් එම රටවල රේගු ආයතන සහ ජාත්‍යන්තර රේගු සංවිධාන සමඟ ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට ද නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වන ලද මෙම නීති විරෝධී දුම්වැටි තොගය පිළිබඳවත් පුළුල් විමර්ශන ආරම්භකොට තිබෙන ශ‍්‍රී ලංකා රේගුව මේ වනවිට මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව වැදගත් තොරතුරු රැසක් හෙළිදරව්
කරගැනීමට ඒ වනවිට සමත්ව ඇත. ඒ සම්බන්ධව අදහස් දක්වමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. වී. රවිප‍්‍රිය මහතා සඳහන්කර සිටියේ අත්අඩංගුවට ගන්නා ලද එම දුම්වැටි යුරෝපීය රටවල් විසින් තහනම්කොට ඇති දුම්වැටි විශේෂයක් බවත් යම් හෙයකින් එය මෙරට සිට යුරෝපයට අපනයනය කිරීමේ උත්සාහය සාර්ථක වූවා නම් එය මෙරටට මහත් අපකීර්තියක් ගෙනදෙන කරුණක් බවට පත්වන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර සිටියේ මෙම වෙළෙඳ නාමය යටතේ අලෙවි කරන ලද දුම්වැටි පිළිබඳව අවස්ථා කීපයක දී මෙරටීන්ද වාර්තා වී ඇති බවත් අදාළ අංශ හා එක්ව ඒ සම්බන්ධව වෙනම පරීක්ෂණයක් ඉදිරියේ දී ආරම්භ කරන බවත්ය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.වී රවිප‍්‍රිය මහතාගේ මැදිහත්වීම මත රේගු අධ්‍යක්ෂ හර්ෂ ජයතිලක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන්වන දප්පුල ආරෙවත්ත, විජේරත්න බණ්ඩාර, යන මහත්වරුන්ගේ උපදෙස් මත රේගු අධිකාරීවරුන්වන සංජය රවීන්ද්‍ර, ලාල් වීරකෝන් යූ.ඞී.එම්.ඒ. දීපානි, නියෝජ්‍ය රේගු අධිකාරී මංජූල ප‍්‍රසාද් , සහකාර රේගු අධිකාරීවරුන්වන ප‍්‍රවීන් ඉන්ද්‍රනාම, අමිල සංජීව, සම්මාන සමරසේකර, භාතිය කුමාරසිරි, එස්. මද්දුමගේ, අවිඳු රාජපක්ෂ, යන මහත්ම මහත්මීන් විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරමින් පවතී.

dumvati2
dumvati

උපුටා ගැනීම : www.divaina.com

 562 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply