උදෑසන කෑම බිල රජයේ මුදලින් ගෙව්වාට ෆින්ලන්ත අගමැතිනියට එරෙහිව පොලිස් පරීක්ෂණ ඇරඹෙයි!

පින්ලන්ත අගමැතිනී සන්නා මිරෙල්ලාට එරෙහිව පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ඊට හේතුව, අගමැතිනිය සිය පවුලේ සාමාජිකයන් සමග ඇගේ නිල නිවසේ සිටියදී ලබා ගත් උදෑසන ආහාරය සදහා වැය කර තිබුණු යුරෝ 300 ක මුදලක් රජයේ ගිනුම් හරහා නැවත ලබා ගැනීමට අයදුම් කර තිබීම යි.

එරට ටැබ්ලොයිඞ් පුවත්පතක් විසින් මෙම හෙළිදරව්ව සිදු කර තිබේ.

තමන් සිදු කළ දෙය නීති විරෝධී නොවන බවත්,මෙම වරප‍්‍රසාදය තමන්ට පෙර සිටි රාජ්‍ය ප‍්‍රධානීන්ද ලබාගෙන ඇති බවත් පින්ලන්ත අගමැතිනිය පවසයි. එමෙන්ම, අගමැතිනිය ලෙස තමන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර නැති බවද ඇය පවසයි.

කෙසේ වෙතත්,පින්ලන්ත නීති විශාරදයන් පවසන්නේ, අගමැතිනිය සිය උදෑසන ආහාරය සදහා වැය කළ මුදල යළි රජයේ මුදල් මගින් ප‍්‍රතිපූරණය කර ගැනීමේ හැකියාවක් පින්ලන්ත ව්‍යවස්ථාවට අනුව අගමැතිනියට ලබා දී නැති බවයි.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව විදස් පුවත් වාර්තා කරයි.

 1,105 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply