ජංගම වෙළෙඳ රථ නාවොත් 1965ට කියන්න!

සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළෙඳ රථ නිසියාකාරව නොපැමිණෙන්නේ නම් එම ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය මහජන විමසීම් සඳහා අරලියගහ මන්දිරයේ ක්‍රියාත්මක 1965 කෙටි පණිවුඩ අංශයට දැනුම් දෙන ලෙස ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ රටේ පොදු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම රථවලට සියලුම අතුරු මාර්ග ආවරණය වන ලෙසට ගමන් කරලීමට කටයුතු කරන ලෙසට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුම්දීම් සිදුකර තිබෙන බවත් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින් පෙන්වා දෙන ලදී. 

මේ අතර ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙනයන ජංගම වෙළෙඳ රථ සඳහා භාණ්ඩ ලබා ගැනීමට මැයි මස 30 සහ මැයි 31 යන දින දෙකේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය නාමල් රාජපක්‍ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 877 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply