සතොසෙන් ‘ඔන්ලයින්’ ක්‍රමයට බඩු ගෙදරටම!

රට තුළ පවත්නා හදිසි තත්ත්වයන් හේතුවෙන් මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිදු ගැටලුවකින් තොරව ලබා ගැනීම සඳහා මෙරට දැනට පවතින විශාලතම සිල්ලර අලෙවිසල් ජාලය වන සතොස හරහා ‘ඔන්ලයින් සේවාවක්’ ක්‍රියාත්මක කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මෙහිදී ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ භාණ්ඩ අවම මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීම සඳහා වඩාත් කාර්යක්‍ෂම හා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද සකසා ඇති අතර, ඉන් එක් අදියරක් ලෙස ‘ඔන්ලයින් සේවාව‘ දැක්විය හැකිය.

ක්‍ෂණික ඇමතුම් අංක 1998 හෝ www.lankasathosa.lk  සේවාව මඟින් මෙම මස 31 වැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් අන්තර්ගත වන රු. 1000/-ක ‘සහන මල්ල’ සහ මේ වන විට  ක්‍රියාත්මක වෙමින් පවතින ‘රු. 5000ක සහන මල්ල’ සහ ජනතාවට සිය අවශ්‍යතාව අනුව සකසා ගත් භාණ්ඩ ලැයිස්තුවද සතොස අලෙවිසලෙන් ඇණවුම් කිරීමට හැකි බව ඇමැතිවරයා පැවැසීය.

එමෙන්ම රුපියල් දහසේ සහන මල්ල සඳහා නාඩු හාල් කිලෝ 1ක්, රතු කැකුළු කිලෝ 1ක්, තිරිඟු පිටි කිලෝ 1ක්, රතු පරිප්පු කිලෝ 1ක්, නූඩ්ල්ස් කිලෝ 1ක්, සුදු සීනි කිලෝ 1ක්, (තායි) හාල්මැස්සන් ග්‍රෑම් 200ක්, තේ කොළ ග්‍රෑම් 100ක්, ලුණු කුඩු පැකට් 1ක්, මුහුණු ආවරණයක් ඇතුළත් වේ.

වෙනත් අවශ්‍ය ඕනෑම භාණ්ඩ ප්‍රමාණයක් ඉහත සඳහන් ක්‍ෂණික දුරකථන අංකය හා සතොස Online සේවාව ඔස්සේ ඇණවුම් කිරීම තුළ නිවෙසටම ගෙන්වා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව සලසා ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

 567 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply