ගිනි ගත් නැවෙන් ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක්!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, මෙරට වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අභියෝගයයි. මේවනවිටත් ශ්‍රී ලංකාව ලෝකයේ නම් දරා ඇත්තේ සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසයි. ඉකුත් වසරේ ප්‍රකාශිත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික් එක් කරන රටවල් අතර සිටියේ 05 වන ස්ථානයේයි.

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම් පද්මලාල් කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව තිබී ඇති බවයි. මෙය ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බව ඔහුගේ අදහසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ තිබූ ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල වශයෙන් නෞකාවේ ගින්නෙන් පසු මෙරට වෙරළ තීරය පුරා විසිරී තිබෙනු දැකගත හැකිවුණා. උපදෙස් හා අනතුරු ඇගවීම් ද නොතකා වෙරළ තීරයට පැමිණි ජනතාව උර වශයෙන් රැගෙන ගියේ ද එම ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයයි. 

 526 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply