ක්‍රීඩකයින් දෙන්නෙක් ඔලිම්පික් ගෙනියන්න නිලධාරීන් 58ක් – වසංගතය අස්සේ කෝටි ගානක ගැහිල්ලක තොරතුරු එලියට!

ජපානයේ පැවැත්වෙන මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනකු සුදුසුකම් ලබා ඇති අතර එය රටක් වශයෙන් යම් තරමකට හෝ සතුටු දායක වුවත් එය පසු පස ඇති ඇඟ කිලිපොලා යන කතාන්දරය වන්නේ එම ක්‍රීඩකයින් දෙදෙනා ටෝකියෝ නුවර පැවැත්වෙන තරඟාවලිය සඳහා සහභාගී කරවීම සඳහා ඔලිම්පික් කමිටුව නිලධාරීන් 58 දෙනකු සහභාගී කරවීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අවසර ඉල්ලා තිබීමයි.

Noize TV අනාවරණය කරගත් කරුණු කාරනා අනුව මෙම නිලධාරීන් පිරිසට ගමන් වියදම් සඳහා මිලියන 22ක මුදලක් ඉල්ලා ඇති අතර ඔලිම්පික් යන පිරිසගේ හෝටල් වියදම්, ගුවන් ටිකට් පත් හා එන්නත් කරන වියදම් ඇතුළු සියල්ල සඳහා තවත් කෝටි 6ක පමණ මුදලක් අවශ්‍ය බවට කරුණු අනාවරණය කරගැනීමට හැකිවූ අතර එම වියදම් සම්බන්ධ සවිස්තර වාර්තා අප කණ්ඩායම වෙත ලැබී තිබෙනවා.

රටේ කොරෝනා වසංගතයක් පවතින මෙවන් කාලවකවානුවක මේ සා මුදලක් වියදම් කිරීමට මෙම නිලධාරීන්ට සිතිවිල්ලක් හෝ පහල වීම සැබවින්ම කනගාටුදායකය ක්‍රීඩකයින් දෙදෙනකු පමණක් සුසුසුකම් ලබා තිබියදී ඔවුන් දෙදෙනා ඉදිරියට දමමින් ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට විදේශ සංචාර යන්නට වෙර දරන්නේ කිසිදු ලැජ්ජාවකින් තොරවය. විදේශ රටවල් වල සිය ගණනක් ක්‍රීඩකයින් සමඟ අඩු නිලධාරීන් පිරිසක් සහභාගී අපේ රටේ නිලධාරීන් මෙසේ පිස්සු නටනා විට ජාත්‍යන්තරය ඉදිරියෙද අපේ රට හෑල්ලුවට ලක්වන්නේ මෙරට ක්‍රීඩා නිලධාරීන්ගේ කාලකන්නි වැඩ නිසාය.

ක්‍රීඩාව ගොඩ ගන්නට නව ගමනක් ආරම්භ කල නාමල් රාජපක්ෂ ඇමතිතුමනි ඔබවත් මේ ගැන පියවරක් වහාම ගත යුතුය, මෙවන් නිලධාරීන්ට සැප දෙන්නට නොව ඒ මුදල් යොදවා අපේ රටේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රට දිනවන්නට අවශ්‍ය ශක්තිය දෙන්නට වහාම පියවර ගැනීම ඔබ සතු වගකීමකි.

 3,518 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
2
+1
0
+1
6
+1
2
+1
0
+1
4

Leave a Reply