සෞඛ්‍ය සේවක පවුල්වලට දුන් එන්නත් 13000 වරප‍්‍රසාදයක් නොවෙයි!

බස්නාහිර පළාතේ වෙසෙන සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට එන්නත් මාත‍්‍රා 13000ක් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා ඊයේ ( 27 වැනිදා) පැවසීය.
 
 ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
 
 කොරෝනා වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය ආරම්භ කර මාස 4 ක්. මේ වන විට එන්නත් මාත‍්‍රා මිලියන 2කට ආසන්න ප‍්‍රමාණයක් ලබා දී තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වල අයට එන්නත් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කළා.
 
 සිව්වැනි කොරෝනා රැුල්ල ආරම්භ වීමත් සමග රෝගීන් විශාල ප‍්‍රමාණයක් රෝහල්වලට පැමිණීම නිසා ඒ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් මගින් ඔවුන්ගේ පවුල් තුළ සහ වාසය කරන ප‍්‍රදේශවල රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අප උපයමාර්ගිකව එන්නත් කිරීම සුදුසු බව රජයට පෙන්වා දුන්නා. එම කරුණු දැක්වීම මත එන්නත් මාත‍්‍රා 13000ක ප‍්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය බස්නාහිර පළාතේ වෙසෙන සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට ලබා දීමට කටයුතු කළා. මෙය දැනට ලබා දී ඇති මුළු මාත‍්‍රා ප‍්‍රමාණයෙන් සියයට එකකටත් අඩු ප‍්‍රමාණයක්. එය වරප‍්‍රසාදයක් නොව උපාය මාර්ගිකව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගන්නා වූ පියවරක්.

 448 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply