19 වන ව්‍යවස්ථා සංශෝදනය පසුගිය යහපාලන ආණ්ඩුව ගෙන ආවේ රට තුල ඒකාධිපති ජනාධිපති ධුරයක් පවතින බවත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් නොවන තත්වයක් බවත් කියමිනි. නමුත් ඒ සුරංගනා කතා පුස්සක් කරමින් එම සංශෝදනයෙන් පසුව සිදුවූ විපර්යාස හේතුවෙන් රටම අරාජිකව ජාතික ආරක්ෂාව බිඳ වැටී ජනාධිපති හා අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුව අතරත් විධායකය අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතරත් බල අරගලයක් හටගත් බව නොරහසකි. ඒ බල අරගලයේ හානිය සමස්ත රට වැසියාටම දැනුනේ පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරවය.

රටේ විධායක ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපිල බෙදී බලයට අරගල කරනා විට ඉන් වාසිය ගත් අන්තවාදීන් පාස්කු බෝම්බ ප්‍රහාරය හරහා 300කට අධික අහිංසක ජීවිත ප්‍රමාණයක් බිලි ගනිද්දී 19 සම්මත කල ඊනියා ජනතා නියෝජිතයින් සිනා මුසු මුහුණින් මාධ්‍ය සාකච්චා පවත්වමින් සතුටු වූ හැටි අපට අමතක නැත, ප්‍රජාතන්ත්‍රවාදයේ සුර පුරයක් මවමින් බලයට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකම දෙයක් වන මැතිවරණ අවුරුදු ගණන් කල් දමා තම බලය රැකගන්නට උත්සාහ කල අයුරු අපට අමතක නැත, ජනාධිපතිවරයාට ඇති බලතල හෑල්ලු කරමින් හඬ අනුව පනත් සම්මත කල පාර්ලිමේන්තුව සහ එහි ප්‍රථිපල ලෙස ගහමරාගන්නා පාර්ලිමේන්තු සංස්කෘතියක් ඇතිකළ හැටි අපට අමතක නැත, රටේ සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස රටේ ආරක්ෂාවට වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට ඇති අයිතිය හයිජැක් කොට රටේ ජාතික ආරක්ෂාව විනාශකළ අයුරුද අපට අමතක නැත….30 අවුරුදු යුධ සමයේ මෙවන් ව්‍යවස්ථා විකෘතියක් තිබුනානම් ප්‍රභාකරන් මේ රටම අල්ලා අවසානය.

මේ අයුරින් අරාජික කල රට විනාශයට ඇදගෙන යද්දී එය බලා සිටීමට නොහැකිවූ බහුතරයක් ජනතාව පක්ෂ පාට ජාති ආගම භේධයකින් තොරව එකා වන්ව එක්ව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කොට තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදී රට විනාශයට ගෙනගිය කල්ලතෝනි ව්‍යවස්ථාව වෙනස් කරන්නට සිය පරමාධිපත්‍ය බලය ලබා දුන්නේ රටට වන විනාශය තවත් බලා සිටින්නට නොහැකි තැනය.

කෙසේ වෙතත් මේ දිනවල 19ට අත ඉස්සු ඈයෝ භූමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ කලබලවී ඇති අතර නාමල් ජනාධිපති කරන්නට, බැසිල්ට පාර්ලිමේන්තු යන්න, ජනාධිපති ඒකාධිපතියෙක් කරන්නට යැයි පුහු ශෝකාලාප කියමින් 19 නිසා ඔවුන් රටට කල හානිය ජනතාවගෙන් වසන් කරන්නට කොතෙකුත් උත්සාහ කරමින් සිටී. නමුත් 19 ව්‍යවස්ථා සංශෝදනයෙන් පසුව පසුගිය වසර 5 තුල රටට වූ හානිය මේ රටේ ජනතාවට වසන් කරන්නට නොහැකිය මන්ද යත් ජනතාව මැරී ඉපදී නොමැති හෙයින් 19න් රටට හා තමන්ට වූ හානිය හොඳින් මතකයේ ඇති නිසාවෙනි.      

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here