බොලිවූඩ් සුපිරි නලු ෂාරුක්ඛාන් බුදුදහමින් හිත සන්සුන් කරගෙන!

බොලිවූඩ් සුපිරි නලු ෂාරුක්ඛාන් බුදුදහම වැළද ගන්නට යන්නේ යැයි කියන ආරංචියක් මේ දිනවල ඉන්දියවේ විශාල ලෙස කතාබහට ලක්ව තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ තමන් විසින් බෞද්ධ පොත්පත් කියවීමට නැඹුරු වී ඇතිබව ප්‍රකාශ කල පසුය.

ෂාරුක්ඛාන් සඳහන් කරන්නේ ගෞතම බුදුන්ගේ ජීවිත කතාව කියවීම නිසා තමන් දැන් ඉතා නිහඬ සහ තැන්පත් පුත්ගලයෙකු බවට පත්ව ඇති බවයි.

පසුගිය අයිඵ්ළ් ක්‍රිකට් තරඟාවලියේ ඉතා ආවේගශීලී ලෙස හැසිරුණු ෂාරුක්ඛාන් මෙවර ඉප්ල් තරඟාවලියේදී එලෙස හැසිරුණේ නැත. තමන්ගේ මෙම වෙනසට හේතුව තමන් බුදු දහමට නැඹුරු වීම සහ බෞද්ධ පොත්පත් කියවීම බව ඔහු පවසා සිටිනාවා.

මට බුදුදහම ගැන ලියවුණ පොත් රැසක් කියවන්න ලැබුණා මම මේ දවල්වල ඒවා කියවනවා මේ පොත් කියවීමෙන් මම නිවුණු පුත්ගලයෙකු බවට පත් වෙලා තියන්වා. මගේ ජීවිතේ විශාල වෙනසක් ඇතිවන බව මට පෙනෙන්නට තිබෙනවා.

ෂාරුක්ඛාන් තම ජීවිතය තුළ ඇතිවූ නව වෙනස ගැන අදහස් සක්වමින් එලෙස පවසා ඇත.

 843 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply