සයිනොෆාම් දෙවැනි මාත්‍රාව දීම ජූනි 8 දා ඇරඹේ!

සයිනොෆාම් එන්නත්කරණයේ දෙවැනි එන්නත්කරණ වටය ජූනි මස 8 වැනිදා ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (27) පැවසීය.

ඒ අනුව චීනයේ ප්‍රදානයක් ලෙස පසුගියදා මෙරටට හිමි වූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් එන්නත් මාත්‍රා 375,000ක් දෙවැනි මාත්‍රාව සඳහා වෙන් කර ඇති බවත් ඉතිරි 125,000ක් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සෞඛ්‍ය අංශ විසින් ප්‍රමුඛතා පදනමින් තෝරා ගත් පිරිසකට මේ වන විට දීම ආරම්භ කර ඇති බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව චීනයෙන් මිලට ගැනීමට ඇණවුම් කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 30ක් ජූනි මැද භාගයේදී මෙරටට ලැබීමට නියමිත බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 444 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply