සරසවි වරම් ලැබූවන්ට ප්‍රතිපාදන කොමිසමේ අත්පොත ගන්න ක්‍රමවේදයක්!

සංචරණ සීමා පැනවීම නිසා විශ්වවිද්‍යාලවලට අයැදුම් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් නිකුත් කර ඇති අත්පොත ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන් වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව ඇත.

මෙවර සිසුන් 1,95,000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් සිසුන් 41,755ක් බඳවා ගැනීමට නියමිතය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය ජුනි 11 වැනිදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම්දී තිබේ. කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් අදාළ අත්පොත බාගත කර ගැනීමේ පහසුකමද සපයා ඇති නමුත් ඊට අදාළ පහසුකම් නොමැති සිසුන්ද සිටින බව වාර්තා වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූවන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිකුත් කර ඇති අත්පොත ලබා ගැනීම සඳහා සංචරණ සීමා පනවා ඇති කාලයේ නිවෙසින් පිටවීමේ ක්‍රමවේදයක් සැකසීම සුදුසු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේදී පැවැසීය.

කොවිඩ් උවදුර නිසා කිසිදු සිසුවකුගේ අධ්‍යාපන අයිතිය අහිමි නොවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 321 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply