සංචරණ සීමාවේ බඩු ගෙන්වාගන්න සතොස අංකයක් දෙයි!

සංචරණ සීමා පනවා ඇති ලබන 7 වැනිදා දක්වා සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ www.lankasathosa.lkවෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.   

ඔහු පෙන්වා දෙන්නේ රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශ්‍යතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවය.  

“රුපියල් 1,000 භාණ්ඩ මල්ල අවශ්‍ය අයට ඒකත්, 5,000ක භාණ්ඩ මල්ල අවශ්‍ය අයට ඒකත්, 1000ටයි 5000ටයි අදාළ නැති සතොස තුළ තිබෙන ඕනෑම භාණ්ඩ වර්ගයක් බෙදා හැරීමටත් අපි කටයුතු කරලා තියෙනවා. සතොස වෙබ් අඩවියට ගියාම භාණ්ඩ 114ක් තියෙනවා. ගෙවන මිලට වඩා වටින භාණ්ඩ මල්ලක් ගන්න පුළුවන්….” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 617 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply