සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කළ මලාවි ජාතිකයෙකු අල්ලයි!

සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය හරහා තෑගි ලැබුණු බව පවසා විවිධ පුද්ගලයින්ගේ ගිණුම්වලට පණිවිඩ යවමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු ඊයේ (මැයි 27) දින පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තෑගි ලැබුණු බව පවසමින් එම තෑගි ලබා ගැනීමට යම් මුදලක් තැන්පත් කරන ලෙස දන්වා රු. 498,000ක පමණ මුදලක් මෙම පුද්ගලයා වංචා කර ඇති බව සිදු කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

ඔහු අත්තිඩිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 30 හැවිරිදි ජෝෂප් ගමා නැමැති මලාවි ජාතිකයෙකු බව පොලිස්පතිවරයා සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් 5gක්, අයිස් 5gක් පමණ තිබී ඇති අතර මුදලින් රු.45,000ක්, ⁣මෙරට බැංකුවල ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක්, ජංගම දුරකතන 2ක් සහ ලැප්ටොප් පරිගණක 2ක් ද තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (28) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධ ඉදිරි විමර්ශන පෑලියගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබයි

 305 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply