නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් තාවකාලිකව අක්‍රීය කරයි!

නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

කෙසේ වෙතත් එමඟින් විදුලි බල සැපයුමට කිසිදු බලපෑමක් සිදුනොවන බව සඳහන් වෙයි.

තාප සහ ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන ජනන යන්ත්‍රයක් මෙලෙස අක්‍රිය කර ඇති අතර, පවතින වැසි තත්වය හේතුවෙන් අවශ්‍ය විදුලිබල ධාරිතාව ජල විදුලි බලාගාරවලින් සපයා ගන්නා බව වාර්තා වේ.

 438 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply