නැවේ බඩු ගෙන ගිය අයට හමේ ලෙඩ – වැස්සටවත් නිරාවරණය නොවී ඉන්න !

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ හානියට පත් බහාලූම්වලින් වෙරළට ගොඩ ගැසූ භාණ්ඩ රැගෙන ගිය බොහෝ දෙනකුට සමේ කැසීම් ඇතුළු තවත් අසාත්මිකතා මතුව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳුපුර මහත්මිය දිවයින පුවත්පතට පවසා තිබේ
 
 වෙරළ තීරයට ගොඩසා තිබූ භාණ්ඩ අතපත ගෑමෙන් වළකින ලෙසට පෙරේදා (26) දිනයේ ජනතාව දැනුවත් කළ ද එය ගණන් නොගෙන කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් මෙම තත්ත්වයට මුහුණ පා ඇතැයි ඇය කියා සිටියාය.
 
 මෙම නැවේ ගින්නෙන් පිටවන දුමෙන් නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් වායුව පිටවුණා. ඒ වායුව වැස්සත් සමග දියවෙලා එකතුවෙලා තමයි පොළොවට පතිත වෙන්නේ. අම්ල වැසි විදිහට අපි හිතනවා ගොඩක් වෙලාවට මේ අම්ල වැසි තදාසන්න ප‍්‍රදේශවලට වැඩිපුර වශයෙන් බලපායි කියලා. ඒ වගේම යම්කිසි බලපෑමක් මේ තුළින් රට ඇතුළටත් තියෙන්න පුළුවන්.
 
 අම්ල වැසි ඇතිවෙනකොට ඒ ආම්ලික තත්ත්වය නිසා අපට සමේ අසාත්මිකතා ශරීර සෞඛ්‍යයට අහිතකර දේවල් වෙන්න පුළුවන්.
 
 මේ වැසි තුළින් ගෘහ භාණ්ඩ වගේ දේවලටත් වාහන එළියේ නවත්වලා තිබෙනවා නම් ඒවාටත් බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා එළියේ නිරාවරණය වෙලා තියෙන ලෝහමය දේවල් තියෙනවා නම් ඒවා පොඞ්ඩක් ආවරණය කරන්න. වාහන ආවරණය කරන්න.
 
 එසේම මේ දවස්වල තමන් කෙළින්ම වැස්සට නිරාවරණය නොවී ඉන්න කියලා අපි දැනුම් දෙන්න කැමැතියි.

 542 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply