තවමත් දැඩි සත්කාරයේ ඉන්න සබීතාගේ සැමියාට බරපතළයි!

කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ මාර්ගය අයිනේ ශරීර සුවතාව සඳහා ඇවිද යමින් සිටියදී සිහිසුන්ව බිම ඇඳවැටී අනතුරට ලක්වූ ප‍්‍රවීන සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන උපාලි ජයසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බව කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රකාශකයෙක් ඊයේ (26දා) ‘දිවයින’ ට පැවසීය.

ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා මෙම අනතුරට මුහුණ පෑවේ පෙරේදා (25 දා) සවස 5.00 ට පමණය.

ඔහු ඇවිද යන අතරේ එක්තරා ස්ථානයක නතරවන අතර, එහිදී මොහොතකින් ඔහු පසුපසට ඇදවැටෙන අයුරු ඒ අසල සී. සී. ටී. වී කැමරාවක සටහන් වී තිබේ.

එම ඇදවැටීම හේතුවෙන් උපාලි ජයසිංහ මහතාගේ හිසට බරපතළ හානි සිදුවී තිබේ.

නිවස ආසන්නයේ මෙලෙස ඇදවැටී ඇති ඒ මහතා එම ස්ථානයේ විනාඩි දහයක පමණ කාලයක් සිට ඇත. කෙසේ වෙතත් එම ස්ථානය අසලින් ගිය වෛiවරයකු මෙම සිද්ධිය දැක ඔහු මැදිහත්වී සිය වාහනයෙන් උපාලි මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මෙලෙස අනතුරට ලක්ව සිටි උපාලි මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරනවිටත් ඔහු සිහිසුන් තත්ත්වයේ පසුවී තිබේ.

ටික වේලාවකට පසු ඥාතීන්ගේ ඉල්ලීම මත ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.

ඊයේ (26 දා) වනවිට පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාගේ තත්ත්වය බරපතළ බව එම රෝහල් ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ඒ මහතාට පී. සී. ආර්. පරීක්‍ෂණයක් ද සිදුකර ඇතැයි ද හෙතෙම කීය.

 880 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply