අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ජංගම රථ 8000ක්

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය පුරා ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ජංගම රථ 8000ක් යොදවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවසුවේය.

බලපත්‍ර ලබාදී ඇත්තේ මෙම ජංගම රථ වලට පමණක් බවත් එම රථ වලටද උපදෙස් ලබාදී ඇත්තේ තමන්ට වෙන් කර ඇති මාර්ග වල පමණක් නියම කරන ලද ආහර ද්‍රව්‍ය පමණක් බෙදා හරින ලෙසට බව ඔහු “අරුණට ” කියා සිටියේය.උපදෙස් නොතකා කටයුතු කරන ජංගම වෙළඳුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවද හෙතෙම කියා සිටියේය.

කොළඹ දිස්ත්‍රක්කයේ ග්‍රාම නිලධාරී වසම් 577ක් තිබෙන බවත් මෙම වසම වල ජීවත්වන ජනතාවද අනු කොටස් වලට වෙන් කර ඒ ඒ මාර්ග වල මෙම ජංගම රථ යොදවන බව ඔහු පැවැසුවේය.

යම් වසමකට මෙම රථ පැමිණෙන්නේ නැත්නම් එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්ට එය දන්වන ලෙසට එම ජනතාවගෙන් ඉල්ලා සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

එසේත් නොමැති නම් 0112369139 යන දුරකථන අංකයට මේ පිළිබදව දැනුවත් කරන ලෙස ඔහු පැවසීය.

යම් යම් ප්‍රායෝගික ගැටලු මෙහිදී සිදුවිය හැකි වුවත් හැකි උපරිම අයුරින් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

මෙම සමස්ත ක්‍රියාවලියම ග්‍රාම නිලධාරීන්, සංවර්ධන සේවා නිලධාරින් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවන බව ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 452 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply