කොල්ලුපිටියේ රෝහලකින් පැන ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනේ!

කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් පළාගිය කොවිඩ්-19 රෝගී පුද්ගලයා දමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සිදු කළ විමර්ශන අනුව ඊයේ (මැයි 26) එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පසුව ඔහු ප්‍රතිකාර සඳහා පාලමුන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවත් ය.

ඒ අනුව, එම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීමෙන් සහ නිරෝධායන කාල සීමාව අවසන් කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොරෝනාවෛරසය ආසාදිත බවට හඳුනාගත් අදාළ පුද්ගලයා පෙරේදා (මැයි 25) අදාළ රෝහලෙන් පළා ගොස් තිබුණි.

 388 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply