කුරුණෑගල, ගාල්ල, මාතර එන්නත්කරණය ඇරඹෙයි

කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන අද(27) දිනයේ කුරුණෑගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට  ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 

වසංගත රෝග විද්‍යා අංශය විසින් සිදුකර ඇති නිර්දේශ මත මෙම කටයුතු සිදු කරනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කඩිනමින් අදාල දිස්ත්‍රික්කවලට එන්නත්කරණ වැඩසටහන ව්‍යාප්ත කරන්නැයි ද උපදෙස් ලබා දී තිබිණි. මෙම එන්නත්කරණ කටයුතු සඳහා යුද හමුදාවේ කණ්ඩායම් සෞඛ්‍ය අංශවලට සහාය වනු ඇතැයි යුද හමුදාපතිවරයා සදහන් කළේය.  ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීමක් මත චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදුන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ඊයේ(26) ශ්‍රී ලංකාවට ලැබුනි.  

 504 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply