‘යාස්’ ඉන්දියාවට ඇතුළු වෙයි

ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති ප්‍රචණ්ඩකාරී යාස් සුළි කුණාටුව ඊයේ (26) මධ්‍යහ්නය වන විට උතුරු ඔඩිස්සා වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වී තිබේ.

මේ හේතුවෙන් දිවයින සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යාස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 1,432කට අයත් පුද්ගලයන් 5,940ක් පීඩාවට පත්ව සිටින අතර, අර්ධ නිවාස හානි 213ක් වාර්තා වේ. පවුල් 24කට අයත් පුද්ගලයන් 92ක් මේ වන විට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටියි. නමුත් දැනට පවතින නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ විටින් විට වැඩි වන සුළං සහිත කාලගුණික තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වේ. එබැවින් අද (27) දිනයේදී උතුරු අන්දමන් හා ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය, නිරිත දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ විටින් විට වැඩි වන පැ. කි. මී. 60-70-80 දක්වා ඉතා තද සුළං හේතුවෙන් රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කළ හැක. පුත්තලම සිට කොළඹ, ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සුළං වේගය ක්ෂණිකව පැ. කි. මී. 50-60 දක්වා ඉහළ යන බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 40-50 දක්වා වැඩි විය හැක.

 339 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply