පිටරට සිට එන අයට පැනවූ තහනම ජූනි 1දා ඉවතට

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම එළඹෙන ජූනි මස 1 වැනිදා සිට ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

කෙසේ වුවද පැමිණෙන දිනට, දින 14ක කාලයක් තුළ ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා එම තහනම දිගටම ක්‍රියාත්මක බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

කොවිඩ් 19 වයිරසයේ ව්‍යාපෘතිය වැළැක්වීමේ පියවරක් වශයෙන් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන්නන් සඳහා තාවකාලික තහනමක් පැනවීමට පියවර ගත් නමුත් ඉදිරියටත් සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන නිර්දේශ එලෙසම ක්‍රියාත්මක කරන බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

 754 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply