මීළඟ එන්නත්කරණයේදී ප්‍රා/ලේ සේවකයන්ට ක්ෂේත්‍ර නිලධාරීන්ට ප්‍රමුඛතාව දෙන්න

මීළඟ අදියරේ එන්නත් දීමේදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ට ප්‍රමුඛත්වය දෙන්නැයි ඇමැති චමල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලීම් කර තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේද දැඩි අවධානය මේ වන විටත් ඒ සඳහා යොමු කර ඇති බවත් ඒ අනුව මීළඟ අදියරේ එන්නත් දීමේදී ඔවුන් සියලු දෙනා ආවරණය වන පරිදි එන්නත් දෙන බවට තහවුරු කර ඇති බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා ඊට අදාළ සියලු වෘත්තීය සමිතිවලට දන්වා තිබේ.

එම නිසා මේ අවස්ථාවේ වෘත්තීය ක්‍රියා මාර්ගවලට යොමු නොවී මහජනතාවට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව සපයා දෙන මෙන් ලේකම්වරයා එම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටී.

 166 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply