කොවිඩ්-19 එන්නත්කරණයේ නවතම තත්ත්වය මෙන්න!

ඊයේ (මැයි 25) දිනය අවසන් වන විට ඉන්දියාවේ නිෂ්පාදිත Covishield එන්නතෙහි දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයන් 340,842 දෙදෙනකුට ලබා දී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

පුද්ගලයන් 925,242 දෙනෙකුට එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර එය ලබා දීම ආරම්භ කළේ මෙම වසරේ ජනවාරි මස 29 වන දා ය.

මීට අමතරව චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 517,824 දෙනෙකුට ලබා දී තිබේ.

එම එන්නතේ දෙවන මාත්‍රාව සංවර්ධන කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින චීන ජාතිකයන් 2,435 දෙනෙකුට ලබා දී අවසන් ය.

තව ද රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයින් 14,984 දෙනෙකුට ලබා දී තිබේ.

Covishield එන්නත් මාත්‍රා 1,264,000ක් ද Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් සහ Sputnik V එන්නත් මාත්‍රා 15,000ක් මෙරට භාවිතය සඳහා පරිත්‍යාග වශයෙන් සහ මිල දී ගැනීම් වශයෙන් හිමි විය.

මීට අමතරව, Sinopharm මාත්‍රා මිලියන 14ක් සහ Oxford-AstraZeneca එන්නත් මාත්‍රා මිලියනයක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව ඊයේ (මැයි 25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ය.

 506 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply