Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ රාත්‍රියේ දිවයිනට!

චීන රජය ප්‍රාදානය කළ Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (මැයි 26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL869 ගුවන් යානයෙන් එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

මීට පෙර ද චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරට Sinopharm එන්නත් මාත්‍රා 600,000 ලැබුණු අතර මෙම මාත්‍රා 500,000 ද සමග මෙරටට චීනයෙන් ලැබුණු Sinopharm එන්නත් මාත්‍රා ගණන මිලියන 1.1 දක්වා ඉහළ යනු ඇත.

මේ අතර, Sinopharm එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි ඊයේ (මැයි 25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

එමෙන් ම ඉදිරි දින කිහිපය තුළදී තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියන 3ක් ශ්‍රී ලංකාවට ලබා දීමට අදාළ නිෂ්පාදන ආයතන කැමත්ත පළ කර ඇති බවත් ඔවුන් එම එන්නත් මෙරටට ලබා දෙන දිනය දැනුම් දීමට නියමිත බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 430 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply