පුද්ගලික රෝහලකින් ආසාදිතයකු පලායයි – සොයා ගන්න මහජන සහය පතයි !

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයකු ඊයේ දිනයේ දී පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබුණි.

ඊයේ සවස් කාලයේදී මෙසේ පලාගොස් තිබෙන්නේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිකාස් නැමති අයෙකු බවයි.

මේ පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ලදොත් ‘ කොල්ලුපිටිය පොලිස්  ස්ථානාධිපතිවරයාගේ 0718591579  දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

 463 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply