වෙරළාසන්න ජනතාවට දැනුම්දීමක්! – අමාත්‍ය කාංචන විජේසේකර මහතාත් ජනතාව දැනුවත් කරයි !

කොළඹ වරායෙන් පිටත ගිනි ගනිමින් තිබෙන MV X-Press Pearl නෞකාවෙන් මුහුදට වැටුනු කන්ටේනර් අතරින් කන්ටේනර් තුනක එපොක්සිරේසින් (Epoxy Resin) නම් රසායන ද්‍රව්‍ය අඩංගුව ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

අමාත්‍යවරයා සදහන් කරන්නේ එම බහාලුම්වල ඇති රසායනික මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවයි.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සටහන පහතින්….කොළඹ, කළුතර, මීගමුව වෙරළාසන්න ප්‍රදේශවල ධීවර ජනතාවට විශේෂ නිවේදනයදැනට ලැබී ඇති තොරතුරු අනුව කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ අද උදෑසන සිදු වූ පිපිරීමත් සමඟ යම් බහාලුම් ( containers ) ප්‍රමාණයක් මුහුදට වැටී ඇත.එම බහාලුම් අතර තිබූ බහාලුම් තුනක epoxy resin නම් රසායනික ද්‍රව්‍යය අඩංගු වන බව දැනුම් දී ඇත.එම රසායනික ද්‍රව්‍ය මගින් ශ්වසන අපහසුතා සහ සමෙහි ගැටුනහොත් ආසාත්මිකතා පෙන්වන බවද වැඩිදුරටත් දැනුම් දී ඇත.ඒ හේතුවෙන් යම් හෙයකින් පාවෙමින් තිබෙන බහාලුමක් දුටුවහොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සුළු පන්න ධීවර කාර්මිකයින්ට සහ වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්ව සිටින සියලුම ධීවර ජනතාවට දැනුම් දෙන්න.තවද එවැනි බහාලුමක් දුටුවහොත් ළඟම තිබෙන පොලිසිය හෝ අප ධීවර කාර්යාලය දැනුවත් කරන ලෙස ඔවුන් හට දැනුම් දෙන්න.ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයක්

 564 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply