සොයිසා හා කාසල් රෝහල්වල ආසාධිත මවුවරු විඳින දුක මෙන්න!

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සහ කාසල් කාන්තා රෝහලේ ආසාදිතව ප්‍රතිකාර ලබන ගැබිණි මව්වරුන් හා දරු ප්‍රසූතිය කළ මව්වරු ගැටළු කිහිපයකට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තා වේ.

කොවිඩ් ආසාදිත එම මව්වරුන් පවසන්නේ දරුවන් සදහා කිරිපිටි, බේබි නැපී, බේබී සබන් මෙන්ම චීත්ත සහ බෙඩ්ජැකට් අවශ්‍යව ඇති බවයි.

තමන්ගේ නිවෙස්වල සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇති බැවින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත නොහැකිව දැඩි ගැටළුවකට මුහුණ දී සිටින බව එම මව්වරුන් සදහන් කරයි.

උදැසන,දිවා හා රාත්‍රි ආහාර වේල පමණක් රෝහලෙන් ලබාදෙන අතර,අතරමැද වේලාවේදි තේ එකක් හෝ මව්වරුන්ට අවශයව තිබේ.

දැනට එම රෝහල්වල කාර්ය මණ්ඩලය විසින් මුදල් එකතු කර කිරිපිටි ලබාදීමට කරමින් සිටියි.

මේ අතර බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ට ද මේ ආකාරයේම උදව් උපකාර අවශ්‍යව තිබේ.

සංවේදී හදවතක් ඇති ඔබ අපගේ සහාය අවශ්‍යම වේලාවයි මේ….

ද සොයිසා රෝහලේ මව්වරුන්ට උපකාර කිරීම සදහා අමතන්න….
0112 662 619

කාසල් වීදියේ කාන්තා රෝහලේ මව්වරුන්ට උපකාර කිරීම සදහා අමතන්න….
0112 696 231

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මව්වරුන්ට සහ දරුවන්ට උපකාර කිරීම සදහා අමතන්න….
0112 693 711

 479 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply