අද ලැබෙන Sinopharm එන්නත් තොගය මුලින් ම ලැබෙන්නේ කාට ද?

මෙරටට අද (මැයි 25) ලැබීමට නියමිත සිනොෆාම් එන්නත් ලක්ෂ 5, එන්නත් කිරීමේදී ග්‍රාමීය කමිටු නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා දීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊයේ (මැයි 24) තීරණය කර ඇති බව වාර්තා වේ.

චීනයේ ආධාරයක් ලෙස මෙරටට හිමිවන මෙම සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිත ය.

ඒ අනුව, ග්‍රාම සේවක නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී, සමෘධි නිලධාරී, සංවර්ධන නිලධාරී සහ කෘෂි නිලධාරී නියෝජනය වන රට පුරා පිහිටි ග්‍රාමීය කමිටුවලට මෙම සිනොෆාම් එන්නත මුලින් ම ලබා දීමට නියමිතය.

මීට අමතරව, චීනයෙන් සිනොෆාම් එන්නත් තවත් මිලියන 14ක් කඩිනමින් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ අතර ඊට අදාළ මුදල් ද මේ වන විට වෙන් කර ඇති බව කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්ටර්නෙට් ඉස්සෙ ජාත්‍යන්තර සාකච්ඡාවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවී සිටි නිසා ඊයේ (මැයි 24) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීම පවත් වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ඉන්ටර්නෙට් ඔස්සේ ය.

 649 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply