කොවිඩ් අරමුදලට ගුවන්තොපොල සමාගමෙන් රුපියල් කෝටියක්

ගුවන් තොටුපොල හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් කෝටියක මුදලක් කොවිඩ් ආරමුදලට පරිත්‍යාග කිරීම අද(24) සිදුවිය. 

 ඊට අදාල චෙක්පත ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාර දුන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේදීය.  මෙම මුදල හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෝවිඩ් මර්ධනය සදහා යෙදවීමට නියමිත අතර ඒ අනුව හම්බන්තොට පැරණි රෝහලේ ඉදිවෙන් පවතින පී.සී.ආර් රසායනාගාරයට අවශ්‍ය පී.සී.ආර් යන්ත්‍ර ඇතුළු උපකරණ මිලදී ගැනීම සදහා යෙදවීමට නියමිතය.  

මෙම මුදල පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගුවන්තොටුපොල සංවර්ධන හා අපනයන කලාප සැකසුම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, අසේල ගුණවර්ධන, ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි යන මහත්වරුද සහභාගී වූහ. ඡායාරූප දැක්වෙන්නේ ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා අදාල චෙක්පත සෞඛ්‍ය ඇමතිවරිය වෙත භාරදුන් අවස්ථාවයි

 583 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply