පෝට්සිටි පනතට සහාය දීලා ශ‍්‍රීලනිපය පාවා දුන්නා – හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියන කතාව

වර්තමාන නායකත්වය පෝට් සිටි පනතට සහාය පළකිරීම හරහා එම පක්‍ෂය පාවාදී සම්පූර්ණයෙන්ම විනාශ කළ බව හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 22 දා කීවාය.
 
 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වී වසර 49 ක් සැපිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආදි කර්තෘවරුන් සිහිකරමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදී පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඇය මෙසේද කීවාය.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියලා පක්‍ෂයක් අද නැහැ. වර්තමාන පක්‍ෂ නායකත්වය මේ වනවිට පක්‍ෂය පොහොට්ටුවේ වලිගය බවට පත්කරලා ඉවරයි. එනිසා දැන් ඉන්න පක්‍ෂයේ නිලධාරි මණ්ඩලයට තවදුරටත් පක්‍ෂය ගැන කතා කරන්න අයිතියක් නැහැ. මේ රටට බණ්ඩාරනායක මැතිනියගේ අගය අදවන විට තවත් තේරෙනවා

 464 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply