එලියට යන්න පුලුවන් එක ගෙදරකින් එක්කෙනයි

සංචරන සීමා ලිහිල් කරන හෙට(25) මැයි 31 හා ජුනි 4 වැනිදා අත්‍යවශ්‍ය භාණඩ ලබා ගැනීමට එක නිවසකින් බැහැරට යා හැක්කේ එක් පුද්ගලයෙක්ට පමනක් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවැසුවේ දැන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවීමට එක් වෙමින්.

සංචරණ සීමා ලිහිල් කරන කාලයේදී සෑම වෙළෙද සැලක්ම විවෘත කල නොහැකි බවත් නම්කල වෙළෙද සැල් පමනක් විවෘතව තබන බවත් ඔහු වැඩිදුරටත් කීය.

අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීම සදහා පමනක් මෙම කාලයේදී අවස්තාව සලසා ඇති අතර අනෙකුත් සාප්පු හා ර⁣ට බීම හල් විවෘත කිරීමට අවස්ථාව ක් නැති බවද හමුදාපතිවරයා අවධාරණය කළේය.

 453 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply