ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා අද විවෘතයි!

පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ, පිටකොටුව තොග වෙළෙඳසැල් සහ තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද (24) පෙරවරුවේ සිට විවෘත කර තිබේ.

ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, වේයන්ගොඩ, මීගොඩ සහ ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථානද මේ වනවිට විවෘත කර තිබේ.

හෙට (25) දිනයේ වෙළෙඳසැල් විවෘත කිරීම සඳහා අවශ්‍ය තොග භාණ්ඩ වෙළෙඳාම සඳහා පමණක් මෙම මධ්‍යස්ථාන අද විවෘත කර තිබේ.

මේ අතර  කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳ ඉදිරි තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් පසු සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“දැනට අපි කියලා තියෙන්නේ 25 වනදා කඩ විවෘත කරන්න බලාපොරොත්තුවෙනවා කියලා. නමුත් එය කෙසේද කරන්නේ කියන එක පිළිබඳව මහජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තුවෙනවා.” යනුවෙනි. 

 653 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply