ඖෂධ යැයි පවසා හෙරොයින් රැගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට!

රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සැකකරු 34 හැවිරිදි හොරණ ප්ර දේශයේ පදිංචිකරුවෙකි.

මාර්ග බාධකයේදී එම වාහනය නතර කිරීමෙන් පසු රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන හොරණ සිට කිරිඇල්ල දෙසට ගමන් කරන බවට අදාළ සැකකරු පොලීසියට පවසා තිබේ.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමකදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200ක් සොයා ගත් බවය.

රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කාරියක් වෙත ලබාදීම සඳහා මොහු මෙම මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවද අනාවරණ වී ඇත.

 281 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply