සජිත් හා ජලනිට සුවය පතා ජනපති අගමැති තැබූ සටහන!

කොවිඩ් රෝගී වීම හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඒ මහතාගේ බිරිදට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කර තිබේ. එමෙන්ම මීට පෙර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ බිරිය ජලනි ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් තබා තිබුනා.

එහිදී අගමැතිවරයා ප්‍රේමදාස යුවළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට පියවර ගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩය

කෝවිඩ් රෝගී වී ඇති බව තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මැතිනියට ඉක්මන් සුවය පතමි. තෙරුවන් සරණයි!

கோவிட் -19 தொற்றால் பாதிக்கப்பட்டுள்ள எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச மற்றும் அவரது மனைவி ஜலனி பிரேமதாச ஆகியோர் விரைவாக குணமடைந்து மீண்டுவர இறைவனை பிரார்த்திக்கிறேன்.
மும்மணிகள் அவர்களை ஆசிர்வதிக்கட்டும்!

I wish a speedy recovery to the Leader of the Opposition Sajith Premadasa and his wife Jalani Premadasa who have been diagnosed with COVID. May the Triple Gem bless them!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවිඩය

කොවිඩ් හේතුවෙන් ප්‍රතිකාර ලබන ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ ජලනි ප්‍රේමදාස මැතිනියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි

 797 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply