ඊයෙත් මරණ 32ක් සමඟ අසාදිතයින් රෝගීන් 2945ක්!

කොවිඩ් ආසාදිත මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 32න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 14දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 28ත් 91 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

මේ අතර වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 691 දෙනෙකු ඊයේ (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,945ක් වේ.

ඒ අනුව, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 164,187ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 391 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply