2025 වන විට සියලු රට වැසියන්ට පිරිසුදු පානීය ජලය ලැබීමට සලස්වනවා

කියන්නත් කනගාටුයි, ඒත් නොකියා බෑ. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ වාර්තාවලට අනුව පිරිසුදු පානීය ජලය ලැබෙන්නේ අපේ රටේ ජනතාවගෙන් සියයට 50කට වගේ අඩු පිරිසකට”

රටෙන් අඩකට සීමා වී තිබෙන පිරිසුදු පානීය ජල පහසුකම 2025 වසර වන විට සමස්ත රට වැසියන්ටම හිමි කර දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අගමැතිවරයා මේ බව පැවැසුවේ කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පිරිසුදු පානීය ජලය දීමේ ව්‍යාපෘති තුනක් සූම් තාක්ෂණය ඔස්සේ එකවර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ජල සම්පාදන යෝජනා ක්‍රමය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල ජල සම්පාදන යෝජනා ක්‍රමය එලෙස අගමැතිවරයාගේ අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

 810 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply