බතික් වෙසක් කූඩුව අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වයි!

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස්වල සිට මෙවර වෙසක් මංගල්‍ය සමරන බැතිමතුන් වෙනුවෙන් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් පළමු බතික් වෙසක් කූඩුව අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වා තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පසුගිය දා අරලියගහ මන්දිරයේදී විෂයභාර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට මෙම බතික් වෙසක් කූඩුව පිළිගන්වනු ලැබූ බවයි.

නිවෙස්වල සිටි වෙසක් සමරන බැතිමතුන් සඳහා රූපවාහිනි සහ සමාජ මාධ්‍ය ඔස්සේ වෙසක් නිර්මාණයන්හි දෘශ්‍ය පෙළහර වීඳීමට ඉඩ සැලැස්වීම බතික් වෙසක් දෘශ්‍ය පූජාවේ අරමුණයි.

දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදායන් ඉහළට ඔසවමින් බතික් මෝස්තර සඳහා නව ප්‍රවණතාවක් බිහි කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක බව අදාළ නිවේදනයේ සඳහන් ය.

බතික් වෙසක් කූඩුව පිළිගැන්වීමේ අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇලුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිවරයාද එක්ව සිටියහ.

 438 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply