කොරෝනා රෝගය නිසා ප්‍රතිශක්තිකරණය අඩු වීමෙන් දිව විශාල වෙන රෝගයක් පැතිර යයි! (සංවේදී දර්ශන සහිතයි )

වෛද්‍යවරුන් මෙම දිව විශාල වීමට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර මෙම රෝගය වැළැඳුනු රෝගීන්ට හට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා නොහැකි වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි වනු ඇති බවයි.

47 හැවිරිදි ඔහුගේ දිව ඉදිමීම ආරම්භ වූයේ ජූලි මාසයේදී Covid වෛරසයට ප්‍රතිකාර කරන අතරතුරය. ජෝන්ස් පැවසුවේ ඔහුගේ දිව ඔහුගේ කටින් අඟල් තුනක් එලියට පැමිණ ඇති බවයි.

“මගේ දිව මගේ මුඛයෙන් එළියට එනවා, සමහර වෙලාවට ඒක බර වෙනවා” කියා ඔහු කිය සිටියා.

ෆ්ලොරිඩාවේ ලේක් සිටි හි ජීවත් වන ජෝන්ස් කිරීටක වෛරසය හේතුවෙන් සති තුනක් රෝහල් ගත කරනු ලැබීය.

ඒ කාලය තුළ ඔහුගේ දිව විශාල වී කතා කිරීමට හෝ කෑමට අපහසු විය.

මෙම රෝගයේ තිබෙන තව තත්වයක් වන්නේ එලියට පැමිණ තිබෙන දිව වියලීමට ලක්වීම සහ ඉරිතලා යාමයි.

වෛද්‍යවරුන් සැක පළ කරන්නේ කොරෝනා වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවයි.

ඇමෙරිකාව තුළ මේ වන විටත් “කොවිඩ් දිව“ රෝගීන් 09 දෙනෙකු වාර්තා වන බව වාර්තා වෙයි. මෙම සියලු දෙනාම කොරෝනා ආසාදනය වී පසුව සුවවූ පුද්ගලයින් බවයි සඳහන් වන්නේ.

https://www.khou.com/embeds/video/285-c01e29e0-5931-45ad-a9f1-ee078dcdc403/iframe

 1,100 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply