සෞඛ්‍යය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ ඇමරිකානුවෙක් අත්අඩංගුවට !

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පොතුවිල්, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටි අමෙරිකානු ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

අනතුරුව 31ක් හැවිරිදි සැකකරු ඇප බැඳුම්කරයක් මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

එම නඩුව නැවත මැයි 28 වන දින පොතුවිල් අධිකරණයේ දී විභාගවීමට නියමිතය.

මේ අතර පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 369 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 12,112ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 443 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply